Wednesday, January 4, 2012

දයාබර ඔබට

යොදුන් සිය ගණනක් දුරින් සිටියත් මා
ඔබේ සිත ළඟමයි මා සිත නැවතුනේ....
දහක් ඇස් පසුකර යන එන මග තොටේ
ඔබේ නෙත් අබියසයි මගේ නෙත් නැවතුනේ....
හෙමි හෙමින් හමා විත් තුරුළු වී හදවතේ
තරුවකුඳු නොමැති කුස ඔබයි පුන්සඳ මගේ....
නිති සවිය වන්නෙමි ඔබේ සොඳුරු දිවිමගේ....
ආදරෙයි රත්තරන් පණ තියෙන තුරු මගේ....

ආදරය

මා පැතුව මල් ඉරිතලා හිත් කොනේ
දුකින් මා ඉකි ගසා හඬා වැලපුණ පැයේ
ඇවිත් සිත අද්දරට අනේ නුඹෙ ආදරේ
කියා දුන් අයුරු හරි අපූරුයි ජීවිතේ

සඳ නිවුන අමාවක සිත් අහස හැඩකලේ
තරුවකුදු නොමැති රූ නුඹයි පුන් සඳ මගේ
සංසාරේ කරපු පව් නිමා වූ තත්පරේ
නුඹයි මගේ කඳුල කවියට අරුත් එක්කලේ

රත්තරං හීනයක දැවටිලා විත් මගේ
සිත් නිවා සැනසවු නුඹ හීනයක් නොවේ
හිස හොවා සැනසුමක් සොයම් නුඹෙ පපුතුරේ
නුඹයි මම ඇස් රිදෙනතුරු හොයපු ජීවිතේ

Monday, January 2, 2012

ජීවිතය

නොමිනිසුන් අතර මිනිසත් බව ලද මා
අතීතයට එක්වන හැම කදුලක්ම
අතීතයේ හා වර්තමානයේ නොලබන හැම සතුටක්ම
පන්නරයක් කර ගනිමි ජීවිතයට........


පිරී අතු අග විකසිත වන්නට
පෙරුමන් පුරනා පුංචි සෙව්වන්දියකට
වියරු සිත් ඇත්තා වූ නොමිසුනේ
කිම මලක් වී පිපෙන්නට නොදෙන්නේ........
සුගන්දවන් පුංචි සෙව්වන්දිය
තලා පෙලා ලපටි පෙති පොඩි කර
අකාලයේ මිලින වී යන්නට
ඉඩ දෙන්නේ අයි නපුරු ලෙස........
පිපුනා නම් ඒ පුංචි මල් කැකුළ
විදහා සියත් පෙති නිදහසේ........
තිබුනා සුවදවත් කරන්නට ලොවක්
උරදෙමින් ගොඩ නගන්නට දැයක්........
නපුරු මිනිසුන්ගේ විසකුරු වූ........
අතැගිලි වලට මැදි වී විස පොවන ලද
ඒ කුඩා සෙව්වන්දියගේ තටුවේ අග කටු මිස
දකින්නට හැකිවේද සිනිදු සුදු මුදු ලෙස........