Wednesday, January 4, 2012

ආදරය

මා පැතුව මල් ඉරිතලා හිත් කොනේ
දුකින් මා ඉකි ගසා හඬා වැලපුණ පැයේ
ඇවිත් සිත අද්දරට අනේ නුඹෙ ආදරේ
කියා දුන් අයුරු හරි අපූරුයි ජීවිතේ

සඳ නිවුන අමාවක සිත් අහස හැඩකලේ
තරුවකුදු නොමැති රූ නුඹයි පුන් සඳ මගේ
සංසාරේ කරපු පව් නිමා වූ තත්පරේ
නුඹයි මගේ කඳුල කවියට අරුත් එක්කලේ

රත්තරං හීනයක දැවටිලා විත් මගේ
සිත් නිවා සැනසවු නුඹ හීනයක් නොවේ
හිස හොවා සැනසුමක් සොයම් නුඹෙ පපුතුරේ
නුඹයි මම ඇස් රිදෙනතුරු හොයපු ජීවිතේ

No comments:

Post a Comment